


රබර් වගාවේ ඵලදායීතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන "නිවැරදිව වැහි ආවරණ යෙදීම" පිළිබඳව රබර් වගාකරුවන් දැනුවත් කිරීමේ ආදර්ශන වැඩසටහනක් 2025.02.23 වන දින රත්නපුර දිස්ත්‍රික්කයේ, කිරිඇල්ල රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ, නාගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සෙනවිරත්න මහත්මාගේ රබර් ඉඩමේදී සාර්ථකව පවත්වන ලදී.
එසේම මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙනු ලැබුවේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිරි ඇල්ල රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශය භාර රබර් සංවර්ධන නිලධාරී එම්. සී.එන්.විජේසිරි මහත්මිය විසිනි.
රබර් වගාවේ ඵලදායීතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රබර් කිරි කැපිම සඳහා නිවැරැදිව ගස් සලකුණු කිරීම,වැසි ආවරණ යෙදීම, රෝග මර්ධනය පිලිබඳව ආදර්ශන හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.25 වන දින,බද්දේගම රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ ඌරල උතුර,පිඹුරගල වත්තේදී සාර්ථකව පවත්වන ලදී.
එසේම මෙම දැනුවත් කිරීමේ ආදර්ශන වැඩසටහන ගාල්ල ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරි සුනන්ද රාජපක්ෂ මහත්මා සහ බද්දේගම රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ රබර් සංවර්ධන නිලධාරි සසිත දිල්රුක් ජිනරත්න මහත්මාගේ සම්පත්දායකත්වය යටතේ සිදු කරන ලදි.
- රබර් වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන - ඉංගිරිය, කඳනපිටිය
- පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම.
- EUDR (European Union Deforestation Free Regulation) සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන
- ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සඳහා පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අඟුණුකොළපැලැස්ස සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව