රබර් කිරි කපන්නන්ගේ උග්‍ර හිඟයට විසඳුම් සෙවීම සඳහා මේවන විට රබර් කිරි කපන්නන්ගේ තොරතුරු ඇතුලත් වන නාම ලේඛණය
- පළමු දෙසතිය.
රාජ්‍ය සේවයට නවක නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනා වෙනුවෙන් රාජ්‍ය සේවය පිළිබදව අවබෝධය ලබාදීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසී ආදී කරුණුද, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රබර් පාලන පනත සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත පිළිබදවද දැනුම ලබාදෙන ලදි. එසේම, රබර් සංවර්ධන නිලධාරීන් ලෙස ක්ෂේත්රයේ කටයුතු කිරීමේදී අදාළවන පරිසර නීතිරීතී, ඉඩම් නීතිරීති, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයන්, කම්කරු නීති රෙගුලාසි වැනි මූලික දැනුමද ඔවුන් වෙත ලබාදීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරන ලදි.
තවද, කොළඹ රබර් වෙන්දේසිය දැක බලාගැනීම සදහා මහගු අවස්තාවක්ද මෙම නවක නිලධාරීන් සදහා උදාවිය.








- තෙවන සතිය.
රබර් වගාවට අදාළව දින 04 ක පුහුණුවක් ශ්‍රී ලංකා රබර් පර්යේශණ ආයතනය මගින් ලබාදෙන ලදි. එහිදී, ශාක විද්‍යා දෙපාර්තමේන්තුව, ප්රවේණි විද්‍යා සහ ශාක අභිජනන දෙපාර්තමේන්තුව, ශාක ව්‍යාධි විද්‍යා හා ක්ෂුද්‍ර ජීවී විද්‍යා දෙපාර්තමේන්තුව, පාංශු හා ශාක පෝෂ්‍යත්ව දෙපාර්තමේතුව ආදී සියළු දෙපාර්තමේන්තුවලින් සිදුකෙරෙන කාර්යයභාරය පිළිබදව අවබෝධය ලබාදීම, ආයතනය මගින් රබර් වගාව සම්බන්ධව හදුන්වාදී ඇති ප්‍රමිති සහ නිර්දේශයන් පැහැදිලි කිරීම සහ රබර් සංවර්ධන නිලධාරීන්ගෙන් ක්ෂේත්රයේදී අපේක්ෂා කරන කාර්යයභාරය පිළිබද ප්‍රායෝගික අවබෝධය ලබාදීමත් සිදුකරන ලදි.
එමෙන්ම, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ රත්මලාන කාර්යාලයේදී වියලි රබර් ප්‍රමාණය පරීක්ෂා කිරීම, රබර් ආශ්රිත නිෂ්පාදනය සහ ස්වභාවික/කෘත්‍රිම රබර්වල ගුණාංග, විවිධ නිෂ්පාදනවල අඩංගු සංයුතීන් පරීක්ෂා කිරීම හා ආයතනයේ කාර්යයභාරය ආදී කටයුතු පිළිබඳව මෙන්ම වෙළෙඳුන් හා නිෂ්පාදකයන් වෙත ගෙන යායුතු පණිවිඩ පිළිබදව දැනුවත් කිරීමද සිදුකරන ලදි.
තවද, ඩාර්ටන්ෆීල්ඩ් රබර් කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමටද ඔවුන් වෙත අවස්ථාවක් ලබාදී ඇත.











- තවාන් සංවර්ධන පුහුණුව
2026.06.05 දින ඈගල් ඔය දෙපාර්තමේන්තු පැළ තවානේදී රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව
නවක රබර් සංවර්ධන නිලධාරීන් සදහා එක්දින තවාන් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
එහිදී, ගුණාත්මයෙන් යුතු රබර් පැළ නිෂ්පාදනය සිදුකිරීම, බීජ තවානේ සිට පරිණත පැළයක් දක්වා සියළු නඩත්තු කඩයුතු, ඒ සදහා කම්කරුවන් යොදාගැනීම, රෝග පාලනය, බද්ධ අතු තවාන් පාලනය, තවාන්වල වර්තමානයේ දක්නට ලැබෙන ගැටළු හා විසදුම් සහ පැළ බද්ධ කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදි.






- සමාලෝචනය
රබර් සංවර්ධන නිලධාරී පුහුණු වැඩසටහනේදී එම නිලධාරීන් ලබාගත් දැනුම පිළිබදව පසුවිපරම් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි 08 වන දින රබර් සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
අධ්‍යයනය කරන ලද ක්ෂේත්රයන් පිළිබදව නවක නිලධාරීන් විසින් කණ්ඩායම් වශයෙන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකරන ලදි.
එම නවක රබර් සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය කාර්යාලවල පුහුණුව සදහා යොමුකර ඇත.







- සිව්වන සතිය
සිව්වන සතියේ පුහුණු වැඩසටහන වශයෙන් රබර් සංවර්ධන නිලධාරීන්ගේ ක්ෂේත්රයේ කාර්යයභාරය, වාර්තා සැපයීම, රබර් වගා පරීක්ෂාව, වෙළඳ ආයතන පරීක්ෂාව, පෞද්ගලික පැළ තවාන් පරීක්ෂාව ආදී කටයුතු පිළිබද අවබෝධයක් ලබාදීම සිදුකරන ලදි.
ඒ අනුව, රත්නපුර,ගාල්ල, කළුතර, කෑගල්ල සහ මොනරාගල ප්‍රාදේශීය කාර්යාල වෙත වාර්තා කරන ලද නිලධාරීන් දැනුවත් කිරීම එම ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් සිදුකරන ලදී





EDUR (EU Deforestation Free Regulation) රෙගුලාසි වලට අනුගත වීමේ ක්‍රියාවලියට අදාළව රබර් ඉඩම් වල භූ ඛණ්ඩාංක ඇතුලත් QR කේත කුඩා රබර් වතු හිමියන් වෙත ලබා දීම මේ වන විට සිදුවෙමින් පවතී. ඒ අනුව, මේ වන විට QR කේත නිකුත් කරන ලද ගොවීන්ගේ නාම ලේඛණය ( රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය බල ප්‍රදේශය අනුව) පහත දැක්වේ.







