ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවෙමු.
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, පාරදෘශ්‍යභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කරමින්, දූෂණයෙන් තොර ආදර්ශවත් රාජ්‍ය පරිපාලන සංස්කෘතියක් ගොඩනැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික සුපිළිපන් සතිය අද එනම් ජූලි 27 දින සිට ජූලි 31 දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව,මෙම සතියේ පළමු දිනය ලෙස රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියළු නිළධාරීන් වෙනුවෙන් "ජාතික සුපිළිපන් දිවුරුම" ලබාදීම සහ ඒ පිළිබද දැනුවත් වීමේ වැඩසටහනක් පැවැත්විණි.
එහිදී අදාළ සංකල්ප පිළිබඳ මූලික හැඳින්වීමක් සිදු කළ අතර, අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම, ආයතනය තුළ සුපිළිපන් බව ප්‍රවර්ධනය කිරීම, නිලධාරීන්ගේ කාර්යභාරය, 'සුපිළිපන් සතිය' තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් මෙන්ම සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා සකස් කළ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද සියලු නිලධාරීන් දැනුවත් කරන ලදී
'සුපිළිපන්භාවය' (Integrity) යනු, ස්වයං විනය, ස්වයං පාලනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම්ව, හෘද සාක්ෂියට එකඟව, නිවැරදිව, විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මකව තම රාජකාරි ඉටු කිරීමයි. එය ජනතා විශ්වාසය දිනාගත්, වගකීමෙන් යුතු රාජ්‍ය සේවයක මූලික පදනම වේ.
මෙම අවස්ථාව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රෝහණ එස් හපුගස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් කේ.කේ. චම්පිකා කනේරු මහත්මිය, ආයතනයේ අධ්යක්ෂවරුන්, ප්‍රධාන ගණකාධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, නියෝජ්‍ය/ සහකාර අධ්යක්ෂවරුන් සහ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සියළු නිලධාරීන් ඊට සම්බන්ධ විය.




කිරි නොකපා අත් හැර දමා ඇති පරිණත රබර් වගා පුනරුත්ථාපන වැඩසටහනට සමාගාමීව පවත්වනු ලබන තෝරාගත් ඉඩම් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන 2026.07.15 දින ඇල්පිටිය රබර් සංවර්ධන නිළධාරී කාර්යාලයේ දී ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ අධ්යක්ෂ ඩී.එස්.විතානගේ මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සඳහා ඇල්පිටිය , පිටිගල හා තවලම රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාසයන් හි තෝරාගත් ඉඩම් හිමියන් සහභාගී විය.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ගාල්ල ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී සුනන්ද රාජපක්ෂ මහතා විසින් ලබා දුන් අතර ඇල්පිටිය, බද්දේගම , පිටිගල හා තවලම රබර් සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් ද මේ සදහා සහභාගී විය.


The list containing the information of rubber tappers is currently being compiled to find solutions to the acute shortage of rubber tappers.
- පළමු දෙසතිය.
රාජ්‍ය සේවයට නවක නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනා වෙනුවෙන් රාජ්‍ය සේවය පිළිබදව අවබෝධය ලබාදීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසී ආදී කරුණුද, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රබර් පාලන පනත සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත පිළිබදවද දැනුම ලබාදෙන ලදි. එසේම, රබර් සංවර්ධන නිලධාරීන් ලෙස ක්ෂේත්රයේ කටයුතු කිරීමේදී අදාළවන පරිසර නීතිරීතී, ඉඩම් නීතිරීති, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයන්, කම්කරු නීති රෙගුලාසි වැනි මූලික දැනුමද ඔවුන් වෙත ලබාදීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරන ලදි.
තවද, කොළඹ රබර් වෙන්දේසිය දැක බලාගැනීම සදහා මහගු අවස්තාවක්ද මෙම නවක නිලධාරීන් සදහා උදාවිය.








- තෙවන සතිය.
රබර් වගාවට අදාළව දින 04 ක පුහුණුවක් ශ්‍රී ලංකා රබර් පර්යේශණ ආයතනය මගින් ලබාදෙන ලදි. එහිදී, ශාක විද්‍යා දෙපාර්තමේන්තුව, ප්රවේණි විද්‍යා සහ ශාක අභිජනන දෙපාර්තමේන්තුව, ශාක ව්‍යාධි විද්‍යා හා ක්ෂුද්‍ර ජීවී විද්‍යා දෙපාර්තමේන්තුව, පාංශු හා ශාක පෝෂ්‍යත්ව දෙපාර්තමේතුව ආදී සියළු දෙපාර්තමේන්තුවලින් සිදුකෙරෙන කාර්යයභාරය පිළිබදව අවබෝධය ලබාදීම, ආයතනය මගින් රබර් වගාව සම්බන්ධව හදුන්වාදී ඇති ප්‍රමිති සහ නිර්දේශයන් පැහැදිලි කිරීම සහ රබර් සංවර්ධන නිලධාරීන්ගෙන් ක්ෂේත්රයේදී අපේක්ෂා කරන කාර්යයභාරය පිළිබද ප්‍රායෝගික අවබෝධය ලබාදීමත් සිදුකරන ලදි.
එමෙන්ම, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ රත්මලාන කාර්යාලයේදී වියලි රබර් ප්‍රමාණය පරීක්ෂා කිරීම, රබර් ආශ්රිත නිෂ්පාදනය සහ ස්වභාවික/කෘත්‍රිම රබර්වල ගුණාංග, විවිධ නිෂ්පාදනවල අඩංගු සංයුතීන් පරීක්ෂා කිරීම හා ආයතනයේ කාර්යයභාරය ආදී කටයුතු පිළිබඳව මෙන්ම වෙළෙඳුන් හා නිෂ්පාදකයන් වෙත ගෙන යායුතු පණිවිඩ පිළිබදව දැනුවත් කිරීමද සිදුකරන ලදි.
තවද, ඩාර්ටන්ෆීල්ඩ් රබර් කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමටද ඔවුන් වෙත අවස්ථාවක් ලබාදී ඇත.











- තවාන් සංවර්ධන පුහුණුව
2026.06.05 දින ඈගල් ඔය දෙපාර්තමේන්තු පැළ තවානේදී රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව
නවක රබර් සංවර්ධන නිලධාරීන් සදහා එක්දින තවාන් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
එහිදී, ගුණාත්මයෙන් යුතු රබර් පැළ නිෂ්පාදනය සිදුකිරීම, බීජ තවානේ සිට පරිණත පැළයක් දක්වා සියළු නඩත්තු කඩයුතු, ඒ සදහා කම්කරුවන් යොදාගැනීම, රෝග පාලනය, බද්ධ අතු තවාන් පාලනය, තවාන්වල වර්තමානයේ දක්නට ලැබෙන ගැටළු හා විසදුම් සහ පැළ බද්ධ කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදි.






- සමාලෝචනය
රබර් සංවර්ධන නිලධාරී පුහුණු වැඩසටහනේදී එම නිලධාරීන් ලබාගත් දැනුම පිළිබදව පසුවිපරම් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි 08 වන දින රබර් සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
අධ්‍යයනය කරන ලද ක්ෂේත්රයන් පිළිබදව නවක නිලධාරීන් විසින් කණ්ඩායම් වශයෙන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකරන ලදි.
එම නවක රබර් සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය කාර්යාලවල පුහුණුව සදහා යොමුකර ඇත.







- සිව්වන සතිය
සිව්වන සතියේ පුහුණු වැඩසටහන වශයෙන් රබර් සංවර්ධන නිලධාරීන්ගේ ක්ෂේත්රයේ කාර්යයභාරය, වාර්තා සැපයීම, රබර් වගා පරීක්ෂාව, වෙළඳ ආයතන පරීක්ෂාව, පෞද්ගලික පැළ තවාන් පරීක්ෂාව ආදී කටයුතු පිළිබද අවබෝධයක් ලබාදීම සිදුකරන ලදි.
ඒ අනුව, රත්නපුර,ගාල්ල, කළුතර, කෑගල්ල සහ මොනරාගල ප්‍රාදේශීය කාර්යාල වෙත වාර්තා කරන ලද නිලධාරීන් දැනුවත් කිරීම එම ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් සිදුකරන ලදී










