රබර් වගාවේ ඵලදායීතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රබර් කිරි කැපිම සඳහා නිවැරැදිව ගස් සලකුණු කිරීම,වැසි ආවරණ යෙදීම, රෝග මර්ධනය පිලිබඳව ආදර්ශන හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.25 වන දින,බද්දේගම රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ ඌරල උතුර,පිඹුරගල වත්තේදී සාර්ථකව පවත්වන ලදී.
එසේම මෙම දැනුවත් කිරීමේ ආදර්ශන වැඩසටහන ගාල්ල ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරි සුනන්ද රාජපක්ෂ මහත්මා සහ බද්දේගම රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ රබර් සංවර්ධන නිලධාරි සසිත දිල්රුක් ජිනරත්න මහත්මාගේ සම්පත්දායකත්වය යටතේ සිදු කරන ලදි.


රබර් වගාව ආශ්රිත ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සඳහා පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අඟුණුකොළපැලැස්ස සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව හා එක් දින වැඩමුළුව 2024.12.06 වන දින මිද්දෙණිය රබර් පැල තවානේදී සාර්ථකව පැවැත්විණි .
එහිදී තවාන් පාලනය, පැලයක් සිටුවීම හා අපරිණත වගා නඩත්තුව, රබර් වගාවේ රෝග පලිබෝධ පාලනය, කැපුම් පට්ටය සලකුණු කිරීම සහ කිරි කැපීම, ෂීට් නිෂ්පාදන හා දුම් කාමර පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු විය.
අධ්යක්ෂ ප්‍රාදේශීය (ගාල්ල ) ඩී.එස්.විතානගේ මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත් වූ අතර, තවාන් කළමනාකරු ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරි ඩබ්.ජේ.ලියනගේ මහතා සමඟ කටුවන කොට්ඨාස භාර රබර් සංවර්ධන නිළධාරි එස්.වී.පී.තිළිණ දිල්ශාන් මහතා මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.








