කළුතර දිස්ත්‍රික්කයේ ඈගල්ඔය රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පරිනත රබර් වගාවට පොහොර යෙදීම සහ වැසි ආවරණ යෙදීමට අදාළ වැඩසටහනක් 2025.06.23 දින ඈගල්ඔය තවානේ දී පරිනත රබර් ඉඩම් හිමි ගොවීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. ප්‍රාදේශීය අධ්‍යක්ෂක තුමියගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය රබර් සංවර්ධන නිලධාරී ජයමාල් මහතා විසින් සපයන ලද අතර සංවිධානය කිරීම ඈගල්ඔය රබර් සංවර්ධන නිලධාරී සඳරුවනි මහත්මිය විසින් සිදු කරන ලදි.

Clean Sri Lanka වැඩසටහන යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන ජංගම සේවය.

සිටුවීමට සුදුසු බද්ධ පැල තෝරාගැනීම, වලවල් සලකුණු කර ගැනීම, පාංශූ සංරක්ෂණය සිදුකිරීම, ආවරණ වැල් වගාව, අතුරු බෝග වගාව ආදී විෂය කරුණු ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ජේෂ්ඨ රබර් සංවර්ධනය නිලධාරී කේ. ඒ. ජී සිරිසේන මහතා ඇතුළු රුවන්වැල්ල, මාගම්මන හා දෙහිඕවිට රබර් සංවර්ධන නිලධාරීන් විසින් ලබාදෙන ලදි.

කලුතර දිස්ත්‍රික්කයේ ගල්පාත රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාසයේ ගොවීන් සඳහා "පෙර කන්න" රැස්වීම 2025.04.21දින පාතකඩ රබර් සංවර්ධන නිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී.
මීවනපලාන රබර් සංවර්ධන නිළධාරී වින්ද්‍යා උදයාංගනී මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී, කේ.පී.සේනාධීර මහත්මා විසිනි.

- අපරිණත වගා නඩත්තුව" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - රංවල
- රබර් පැල සඳහා සෙමින් පෝෂක මුදාහැරීමේ තාක්ෂණය පිළිබඳව පුහුණු හා ආදර්ශන වැඩ සටහන
- "නිවැරදිව වැහි ආවරණ යෙදීම" පිළිබඳව ආදර්ශන වැඩසටහන - රත්නපුර, කිරිඇල්ල, නාගොඩ
- රබර් වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන - බද්දේගම, ඌරල උතුර







