Home පැල තවාන් කළුතර දිස්ත්‍රික්කය

පැල තවාන් - කළුතර දිස්ත්‍රික්කය

1.
ඇගල්ඔය තවාන
  ඈගල්ඔය,
  බුලත්සිංහල.
   
  ආරම්භය1953
  බිම් ප්‍රමාණය43 අක්කර
  නිශ්පාදනය කරන රබර් ක්ලෝනRRIC 102, RRIC 121, RRISL 203
  බද්ධ අතු ගස් සංඛ්‍යාව7000
     
    .
     
  රබර් පැල නිශ්පාදනය
  2010 රබර් පැල නිශ්පාදනය127818
  2010 රබර් පැල නිකුත් කිරීම - 233659
  2011 වසරේ නිශ්පාදන325000
 
 
 

 

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වර්ෂ 1953 දී රබර් පාලන දෙපාර්තමේන්තුව මඟින් මෙම තවාන අක්කර 128 ක් භූමි ප්‍රමාණයක ව්‍යාප්ත කිරිම නිසා එවකට ආසියාවේ ලොකුම බද්ධ රබර් පැල තවාන ලෙස ඇගල්ඔය තවාන විරැදාවලිය ලැබිය. නමුත් පසුගිය පාලන සමයේදී මෙය පෞද්ගලිකව කෙනෙකුට ලබාදීම නිසා දැනට ඉතිරිව ඇත්තේ අක්කර 43 ක තරම් කොටසක් පමණි. මෙම භූමි ප්‍රමාණය දෙපාර්තමේන්තුවේ වර්තමාන පැල අවශ්‍යතාවය නිෂ්පාදනය කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඒ නිසා මෙඑහි බිම් ප්‍රමාණය වැඩිකර ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
40 ක පමණ සේවක සංඛ්‍යාවක් මෙම තවානේ සේවය කරති. කනින ලද ජල ජලාශයකින් තවානට අවශ්‍ය ජලය ලබාගන්නා අතර RRIC 102, RRIC 121, RRISL 203, ක්ලෝන වල පැල දැනට නිෂ්පාදනය කරනු ලබයි.   

  .
2. ගුරුගොඩ තවාන
  ගුරුගොඩ,
  හොරණ.
     
  ආරම්භය1989
  බිම් ප්‍රමාණය50 අක්කර
  නිශ්පාදනය කරන රබර් ක්ලෝනRRIC 102, RRIC 121, RRISL 203
 
බද්ධ අතු ගස් සංඛ්‍යාව8000
     
   

 
 
රබර් පැල නිශ්පාදනය
  2010 රබර් පැල නිශ්පාදනය184147
  2010 රබර් පැල නිකුත් කිරීම - 234114
  2011 වසරේ නිශ්පාදන350000
 

 

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 1989 වර්ෂයේදී මෙම තවාන ලෝක බැංකු ව්‍යාපෘතියේ දෙවන පියවර සමයේදි අරඹන ලදී. හොරණ කර්මාන්ත පුරයට පවරා ගැනිම නිසා කෙටි කලක් වසා දමා තිබී 2003 දී නැවත පැල නිෂ්පාදනයට එක්විය. බිම් ප්‍රමාණය අක්කර 50 ක් වන මෙම තවානට විශාලත්වයෙන් දෙවන තැන හිමිවේ. මෙහි පිහිටීම හා මහා මාර්ග සම්බන්ධතා අනුව ඕනෑම ප්‍රදේශයකට පැල ප්‍රවාහනය කිරීමේ වැඩි විභවයක් සහිත තවාන ලෙස හැඳින්විය හැක.
ස්වාභාවික කුඩා ජලාශයකින් ඩීසල් පොම්පයක්  මගින් ජල සම්පාදනය කර ගන්නා මෙම තවානේ RRIC 121 වර්ගයේ පැල නිෂ්පාදනය කරනු ලබයි. මෙහි සේවයකයින් 51 න් සේවය කරනු ලබයි.

 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information