Home අප ගැන දැක්ම සහ මෙහෙයුම

දැක්ම සහ මෙහෙයුම

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා රබර් වගා කර්මාන්තය මෙහෙයවමු.

අපගේ මෙහෙය

රබර් වගා‍ කර්මාන්තයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය උදෙසා නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීම , මූල්‍ය සහනාධාර, කෘෂි යෙදවුම්‍ සහ ව්‍යාපෘති සේවා සැපයීමට කැපවෙමු.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හා එහි සේවාවන්



වර්ෂ 1934 දී අංක 06 දරණ ආඥා පනත යටතේ ස්ථාපිත රබර් පාලන දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේ සිට අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත්විය. රබර් වගාව සම්බන්ධයෙන් දැනට ඇති ආඥා පනත් හා පනත් මගින් පැවරි ඇති බලතල යටතේ ගරැ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් පනවනු ලබන නියෝග ක්‍රියාත්මක කරමින් රබර් වගා වැවිලි ‍ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කරනු ලැබේ.

ප්‍රාදේශීය කාර්යාල මගින් රබර් ඉඩම් සහ එහි හිමිකරැවන් ලියාපදිංචි කිරිම,බලපත්‍ර ලබාදීම හා වගාව සදහා පැල,පොහොර හා සහනාධාර මුදල් ලබාදීම.
රජයේ තවාන් හා ‍ෙදේගලික රබර් පැල තවාන් මගින් උසස් වර්ගයේ රබර් පැල නිෂ්පාදනය කිරිම හා පැල නිෂ්පාදනයට පුද්ගලික අංශයට ආධාර සහ උපදෙස් සැපයීම.
රබර් නිෂ්පාදනය කිරීම සදහා කර්මාන්තශාලා නවීකරණය කිරිම සහනාධාර ලබාදීම. කර්මාන්ත ශාලා නවීකරණය කිරිමට සහනාධාර ලබාදීම.
රබර් වාගවේ දියුණුව සදහා ගොවීන්ට උපදේශක සේවාවන් සැපයීම සහ ඔවුන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් ප්‍රවාහනය කරදීම.
ස්වභාවික රබර් නිෂ්පාදය,පරිභෝජනය හා වෙළදාම සම්බන්ධව අන්තර්ජාතික සංවිධාන සමග කටයුතු ක‍ිරිම.
රබර් වගාවේ හා නිෂ්පාදනයේ ඒ ඒ අවධිවලට අදාළව කුඩා ඉඩම් හිමියන් වෙත ප්‍රේෂණය කිරිම.
රබර් අංශයේ ඵලදායීතාවය හා නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම හා ඒ සදහා ප්‍රමුඛ ආයතනය ලෙස කටයුතු කිරිම.
ප්‍රධාන පනත් හා නෛතික මුලාශ්‍ර මගින් පැවරි ඇති බලතල ක්‍රියාත්මක කිරිම.
නැවත වගා සහ අළුත් සහනාධාර ක්‍රම පරිපාලනය කිරිම හා දිස්ත්‍රික් කාර්යාල මගින් සහනාධාර ලබාදීම.
රබර් වෙළදාම,රබර් ආශ්‍රිත නිෂ්පාදන හා රබර් අපනයන සදහා බලපත්‍ර ලබාදීම.
නිෂ්පාදනය,දේශීය පරිභෝජනය හා අපනයනය යනාදී වැදගත් වන දත්ත හා තොරතුරැ එක්රැස් කිරිම.
වෙළදපොල පිලිබදව කුඩා රබර් හිමියන් දැනුවත් කිරිම.
සෙස් අරමුදල් එකතු කිරිම හා පරිපාලය.
කුඩා ඉඩම් හිමියාගේ ආර්ථික උන්නතිය ‍උදෙසා කටයුතු සංවිධානය කිරිම සහ ක්‍රියාත්මක කිරිම.
රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරිම, එක්රැස් කිරිම හා ගිණුම්කරණ කටයුතු කිරිම.
 

රබර් වෙන්දේසි මිල

2014 සැප්තැම්බර් 25
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1X300.00 - flat
ලේ.ක්‍රේ. නො.1290.00 - 300.00
ලේ.ක්‍රේ. නො.2250.00 - flat
ලේ.ක්‍රේ. නො.3237.00 - 241.00
ලේ.ක්‍රේ. නො.4205.00 - 210.00
ස්. ක්‍රේ. (දු) නො.1unq - unq
ස්. ක්‍රේ. (දු) නො.2194.00 - flat
ස්. ක්‍රේ. (දු) නො.3190.00 - 195.00
ස්. ක්‍රේ. (දු) නො.4183.00 - 190.00
ෆ්ලැට් බාර්ක්unq - unq
ස්කිම් ක්‍රේප්unq - unq
රි. ස්. ෂීට් නො.1270.00 - flat
රි. ස්. ෂීට් නො.2260.00 - 265.00
රි. ස්. ෂීට් නො.3unq - unq
රි. ස්. ෂීට් නො.4unq - unq
රි. ස්. ෂීට් නො.5unq - unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information