Home අපගේ සේවාවන් අවසර පත්‍ර

රබර් නැවත වගා අලුත් වගා සහනාධාර ක්‍රමය යටතේ රබර් වැවීමට අවසර පත්‍ර නිකුත් කිරීම

සුදුසුකම්

නැවත වගා ඉඩම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබිය යුතුය.
රබර් නැවත වගා අලුත් වගා සහනාධාර ක්‍රමය යටතේ වූ වගාව සම්පූර්ණයෙන් ඉවත්කර තිබිය යුතුය.
වගාවට වසර 20 සම්පූර්ණ කර තිබිය යුතුය.
අලුත් වගා ඉඩම රබර් වගාවට සුදුසු විය යුතුය.
හිස් ඉඩමක් හෝ ස්ථීර වැවිලි බෝගයකින් තොර ඉඩමක් විය යුතුය.

අයදුම්කරන ආකාරය

අයදුම්පත් ලබාගන්නා ස්ථාන අයදුම්පතක් නිකුත් කිරීම පිළිබදව පුවත්පත් දැන්වීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලයෙන්, අදාල සියලුම ප්‍රාදේශීය කාර්යල වලින් හෝ ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරින්ගෙන් ලබාගත හැක.
අයදුම්පතක් සදහා ගෙවිය යුතු මුදල අයදුම්පත් නොමිලේ නිකුත් කෙරේ.
අයදුම්පත් බාරගන්නා වේලාව සතියේ වැඩ කරන දිනවල උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා අදාල ප්‍රාදේශීය කාර්යාලයට අතින් ගෙනවිත් බාරදීම ‍හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ බදාදා දිනවලදී උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා අදාල ප්‍රදේශයේ රබර් සංවර්ධන නිළධාරී කාර්යාලයට අතින් ගෙනවිත් බාරදීම ‍හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම මගින්
සේවය සදහා ගෙවිය යුතු මුදල නොමිලේ
ලියාපදිංචිය සිදුකිරීමට ගතවන කාලය සති 03

ඉදිරිපත් කළයුතු ලේඛන - අලුත් වගාවක් සදහා ඉඩමක අයිතිය සනාථ කරන ලියවිලි

විහාර දේවාල ගම්වලට අයත් බදු ගිවිසුමකින් උරුම වූ ඉඩමේ පත්ඉරු සහ වර්තමාන අයිතිකරුගේ කැමැත්ත දක්වන ලියවිලි
විකුණුම්කරයක් මගින් තෑගි ඔප්පුවක් මගින් ලද ඉඩමක් ඉඩමේ ඔප්පුව
පුද්ගලික ඉඩමක් බදු ගැනීම බදු ඔප්පුව
බූදල් නඩු තීන්දුවකින් ලද ඉඩමක් උසාවි නියෝගය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ බදු ගිවිසුමක් බදු ගිවිසුම
නීත්‍යානුකූලව රජයෙන් ලැබුණ ඉඩමක් ඔප්පුව හෝ අවසර පත්‍රය
නැවත වගාව සදහා දෙපාර්තමේන්තුවෙන් දෙන ලද අවසර පත්‍ර අංකය
අක්කර 4ට වැඩි ඉඩමක් නම්
සේවය ලබාදීම පිළිබද වගකීම දරන නිළධාරියා ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
විශේෂ තොරතුරු මීට කලින් රබර් වගාව සහනාධාර ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති නමුත් වසර 20 කට පෙර කාළගුණික හා ස්වාභාවික උපද්‍රව වැනි වගාකරුට පාලනය කල නොහැකි හේතූන් නිසා වගාව විනාශ වී ඇති ඉඩම් සදහාද විශේෂ පරීක්ෂණයකින් පසුව නැවත වගා සහනාධාර ලබාගැනීමට හිමිකමක් ඇත.

 

පෞද්ගලික අංශය සදහා රබර් පැල තවානක් පටන් ගැනීමට හා පවත්වාගෙන යාමට (නිර්දේශිත ක්ලෝන අනුව) අවසර පත්‍ර නිකුත් කිරීම

සුදුසුකම් රබර් තවානක් ඇරඹීමට සුදුසු ඉඩමක් තිබිය යුතුය.

අයදුම්කරු සතු අවු.10ට අඩු බද්ධ අතු තවානක් තිබිය යුතුය.

අයදුම්කරන ආකාරය

අයදුම්පත් නිකුත්කිරීම ප්‍රධාන කාර්යාලයෙන් හා ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලවලින්

මේ සම්බන්ධව පුවත්පත් දැන්වීම පලකිරීමෙන් පසු ප්‍රධාන කාර්යාලයෙන් හා ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලවලින් අයදුම්පත් නොමිලේ ලබාගත හැක.
අයදුම්පත භාගත කරන්න (PDF ලිපිය)
අයදුම්පතක් සදහා ගෙවිය යුතු මුදල නොමිලේ
අයදුම්පත් බාරගන්නා වේලාව සතියේ වැඩ කරන දිනවල උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා අදාල ප්‍රාදේශීය කාර්යාලයට අතින් ගෙනවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කල හැක.
සේවය සදහා ගෙවිය යුතු මුදල නොමිලේ
අවසර පත්‍රය නිකුත් කිරීමට ගතවන කාලය සති 04
සේවය ලබාදීම පිළිබද වගකීම දරන නිළධාරින් ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information