Home අපගේ සේවාවන් ලියාපදිංචි කිරීම

ලියාපදිංචි කිරිම්

ලියාපදිංචි නොවූ රබර් ඉඩමක් ලියාපදිංචිය හා ලියාපදිංචිය සංශෝධනය කිරීම

සුදුසුකම්

රබර් ඉඩමක් ලියාපදිංචි කිරීම - රබර් පාලන පනත යටතේ කලින් ලියාපදිංචි කර නොමැති රබර් වගා කර ඇති ඉඩමක් වීම.
ලියාපදිංචිය සංශෝධනය - රබර් පාලන පනතයටතේ කලින් ලියාපදිංචි කර ඇති අයිතිය වෙනස් වූ රබර් ඉඩමක් වීම.

අයදුම්කරන ආකාරය

අයදුම්පත් ලබාගන්නා ස්ථාන - සෑම ප්‍රාදේශීය රබර් සංවර්ධන කාර්යාලයකින්ම
- අයදුම්පත භාගත කරන්න (PDF ලිපිය)
අයදුම්පතක් සදහා ගෙවිය යුතු මුදල - අයදුම්පත් නොමිලේ නිකුත් කෙරේ.
අයදුම්පත් බාරගන්නා වේලාව - සතියේ වැඩ කරන දිනවල උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා අදාල ප්‍රාදේශීය කාර්යාලයට අතින් ගෙනවිත් බාරදීම ‍ෙහාඅ ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කල හැක.
සේවය ලබාදීම පිළිබද වගකීම දරන නිළධාරියා - ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ
සේවය සදහා ගෙවිය යුතු මුදල - නොමිලේ
ලියාපදිංචිය සිදුකිරීමට ගතවන කාලය - සති 03

ඉදිරිපත් කළයුතු ලේඛන(අලුත් වගාවක් සදහා)

ඉඩමකඅයිතිය සනාථකරනලියවිලි

විහාර දේවාල ගම්වලට අයත් බදු ගිවිසුමකින් උරුම වූ - ඉඩමේ පත්ඉරු සහ වර්තමාන අයිතිකරුගේ කැමැත්ත දක්වන ලියවිලි
විකුණුම්කරයක් මගින් තෑගි ඔප්පුවක් මගින් ලද ඉඩමක් - ඉඩමේ ඔප්පුව
පුද්ගලික ඉඩමක් බදු ගැනීම - බදු ඔප්පුව
බූදල් නඩු තීන්දුවකින් ලද ඉඩමක් - උසාවි නියෝගය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ බදු ගිවිසුමක් - බදු ගිවිසුම
නීත්‍යානුකූලව රජයෙන් ලැබුණ ඉඩමක් - ඔප්පුව හෝ අවසර පත්‍රය
අක්කර 4ට වැඩි ඉඩමක් නම් - අනුමත මානක සැලසුම්

ඉදිරිපත් කළයුතු ලේඛන (නැවත වගාව සදහා)

දෙපාර්තමේන්තුවෙන් දෙන ලද අවසර පත්‍ර අංකය -
විශේෂ තොරතුරු - මීට කලින් රබර් වගාව සහනාධාර ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති නමුත් වසර 20 කට පෙර කාළගුණික හා ස්වාභාවික උපද්‍රව වැනි වගාකරුට පාලනය කල නොහැකි හේතූන් නිසා වගාව විනාශ වී ඇති ඉඩම් සදහාද විශේෂ පරීක්ෂණයකින් පසුව නැවත වගා සහනාධාර ලබාගැනීමට හිමිකමක් ඇත.
 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information