Home අපගේ සේවාවන් වෙනත් සේවාවන්

වෙනත් සේවාවන්

රබර් පැල සිටුවීම සදහා භුමිය සකස් කිරිම මෙය වර්ෂා කාලයට පෙර සිදුකල යුතුය.

සිදුකල යුතු කාලය-(නොවැම්බර් - පෙබරවාරි)

අ).ඉඩමේ තිබේන සියලුම ගස් ඉවත් කිරිම.

මෙහිදි නැවත වගා ඉඩමක්,නම් පැරණි වගාවේ ගස් මැරිතිබු ස්ථනයන් ගස් ගැලවීමට පෙර සලකුනු කරගත යුතුය.ගස් ඉදිරියම්දි මුල් සියල්ලම ඉදිරිම යන පරිදි සිදුකල යුතුය. නව වගාව සුදු මුල් රෝගය ඇතිවීමේ අවදානම මේ නිසා අවම කරගත හැකිය.

ආ).ඉඩම් පාංශු සංරක්ෂණ ක්‍රම හා වැටවල් ඉදිකිරිම.
ඉඩමේ පිහිටම අනුව පහත සදහන් පාංශු සංරක්ෂණ ක්‍රම එකක් හෝ කිහිපයක්      
සිදුකල යුතුය.

කෘෂිකාර්මික ක්‍රම -  සමෝච්ඡ ක්‍රමයට පැලසිටුවිම.

වැටවල් ආශ්‍රිත බෑවුම් ප්‍රදේශවල වල් පැලෑටි සම්පුර්ණයෙන් ඉවත් නොකර වල්පැලෑටි පාලනයක් පමණක්  කිරිම.

සිදුකල යුතු කාලය-(ජනවාරි - මාර්තු)

ඇ).ජෛව විද්‍යාත්මක ක්‍රම
ආවරණ වැල් වගාව -මුකුනා, පියුරේරියා, ඩෙස්මෝඩියම් වැනි වාගවන් මේ සදහා සුදුසුය.

සැවන්දරා තෘණ ශාකය ඝණව ස‍මෝච්ඡ වැටි දිගේ වගා කිරිම.

වසුන් යෙදීම -මේ සදහා පිදුරු හෝ කොල පෙ‍ාහොර ලෙස ක්ලොටරේරියා, ප්ලෙමින්ජියා හා ග්ලිරිසිඩියා වැනි කොල යොදාගත හැක.


ඈ).යාන්ත්‍රික ක්‍රම
කානු කැපිම -භුමිය ස්වභාවික පිහිටා ඇති ජල මාර්ග ප්‍රධාන කානු ලෙස යොදාගත හැකි අතර කානු දෙකක් අතර පරතරය මීටර් 60ක් පමණ විය යුතුය. පාර්ශ්වීක කානු සමෝච්ඡ රේඛා මත පිහිටියයුතු අතර එවා 120 ට එකක් විය යුතුය. වගා පේලි වලින් මීටර් 1.5 සිට 1.8 පමණ දුරකින් යුත් පාර්ශ්වික කානු පිහිටිය යුතුය.

ගල්වැටි දැමීම - කානු කැපිමට අපහසු අධික ගල් සහිත භුමි සදහා සමෝච්ඡ ගල් වැටි ඇතිකිරිම සුදුසුය. ගල් වැටි ඇතිකිරි‍මේදී ගල් වැටි වල ඉහල පැත්ත සමෝච්ඡ රේඛා අතර පිහිටා තිබිය යුතු අතර ගල් වැටියේ පතුල මුදුනට වඩා පලළලින් වැඩි විය යුතුය.

අ).සාමානයෙන් හෙක්ටයාරයකට රබර් පැල 510 ක් - 520 ක් පමණ සිටුවිය හැකිය.පහත සදහන් පරතර වලින් එක් පරතරයක් තීරණය කල හැකිය.

සිදුකල යුතු කාලය-(මාර්තු)


පේලි ක්‍රමය 3.5 x 5.5 m


හතරැස් ක්‍රමය 4.3 x 4.5 m


අතුරු බෝග යෙදිමට බලාපොරොත්තු වන ඉඩමක් නම් ඉහත දෙවන ක්‍රමය අනුගමනය කල යුතුය. එසෙම නැවත වගා ඉඩමක් නම් පරතරයක වෙනස්කොට වෙනත් පරතර ක්‍රමයක් තොරාගනිමෙන් හෝ පැරණි වලවල් නැවත බාවිතා‍ නොකිරිමෙන් සුදුමුල් රොගය සැදීමේ අවධානම අඩුකර ගත හැකිය.

වලක පළල අඩි ‍2 x 2 x 2.5 විය යුතුය. ඉඩම ගල් සිහිතනම් වලවල් කැපීමෙදී එහා මෙහා  කරගත හැකිය.

සිදුකල යුතු කාලය-(මාර්තු)


වලවල් පිරවීමදේ ගල් හා ‍මුල් කැබලි සම්පුර්ණයෙන් ඉවත් කර සම්පුර්ණයෙන් මතුපිට පස්වලින් පිරවිය යුතුය. සාමාන්‍යයෙන් පැල සිටුවීම මසකට පමණ පෙර වලවල් සකස් කර පුරවා සාමාන්‍ය අකාරයට තද වීමට ඉඩහැරිය යුතුය.

පැල සිටුවීම මොසම් වැසි ආරම්භයත් සමග සිදුකල යුතුය. ප්‍රධානතම කාලය වන්නේ මැයි ජුනි කන්නයයි. මොණරාගල,බදුල්ල,අම්පාර හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක වල පැලසිටුවීම සිදු කරනු ලබන්නේ ඊසාන දිග මොසම් වැසි ලබන ඔක්තොම්බර් කන්නයෙදීය.

සිදුකල යුතු කාලය.(මැයි -ජුනි),(ඔක්තොම්බර් - නොවැම්බර්)

අ.සුදුසු පැලයක් තොරාගැනිම
ලපටි බද්ධ රබර් පැල සිටුවීම වඩා සුදුසු වෙයි.එයට හේතුවනම් පැල නිෂ්පාදනයේදී හා සිටුවීමේදී මුල් පද්ධතියට හානි සිදුනොවීම නිසා සිඝ්‍ර වර්ධන වේගයක් පෙන්නුම් කිරිමයි.කොල මාල ‍2කින් යුත් මුදුන් කොල මාලය මොරා ඇති බද්ධ රබර් පැල සිටුවිම සදහා වේ.

ආ.ක්ෂේත්‍රයේ පැට සිටුවීම
කලින් පස්පුරවා සුදානම් කරගත් වලේ පස් ස්වල්පයක් ඉවත් කොට පොලිතින් මල්ලේ සිටුවනලද රබර් පැලය වල ලගට ගෙන ගොස් පොලිතින් මල්ලේ පතුල පමණක් ඉවත්කර පොලොව මට්ටමට වඩා අගල් 2ක් පහත මට්ටමින් බද්ධ අංකයරය පිහිටන සේ රබර් පැලය වලේ තැන්පත් කර පස් වලින් වසා දමන්න. බද්ධ සංදිය මොරා නොමැති අවස්ථාවක දී (කොළපාටින් යුක්තනම්) බද්ධ සංදිය පස්වලින් වසා දැමීම නොකොල යුතුය. වලේ ඉතිරි අගල් 2ක පමණ ප්‍රමානය ක්‍රමයෙන් පස් වලින් වැසි යාමට ඉඩ හරින්න. බද්ධ සංදිය කොලපාටින් යුතුනම් වලේ වතුර රුදි සිටියහෙතාත් බද්ධ සංදිය කුනු වී යාහැකි බැවින් බෑවුම දෙසට කඩා කානුවක් කපා වතුර බැස යාමට ඉඩහරින්න.

අතුරුබෝගයක් හෝ මිශ්‍ර බෝගයක් රබර් සමග වගාකිරිමට අපෙක්ෂා කරයිනම් පැල සිටු‍වීමේ පරතරය 2.5 x 7.75m රබර් පැලයේ සිට අඩි 8 ක් ‍එහායින් අතුරු බෝග හෝ මිශ්‍ර බෝග වගාකල යුතුය.රබර් සමග මිශ්‍ර බෝගයක් සමග තේ වගා කරයිනම්,පරතර 2ක් හදුන්වා දී ඇත.පළමු පරතරය 2.4x12m මේ අනුව රබර් පේලි 2ක් අතර තේ පේලි 7ක් සිටුවිය හැකිය.දෙවන පරතරය 2.4x18m මේ යටතේ රබර් පේලි 2ක් අතර තේ පේලි 12ක් සිටුවිය හැකිය.

මෙය සිදුකල යුතු කාලය.(මැයි -ජුනි),(ඔක්තොම්බර් - නොවැම්බර්)


රබර් වගාවේ අපරිනත අවධියෙදී වගා කලහැකි අතුරු බෝග කෙසෙල්,අන්නාසි,වැල්දොඩම්,උක්, වාර්ෂික හා කන්න බෝග,ඔෂධ පැලෑටි

එකක බිම් ප්‍රදේශයක ඇති රබර් ගස් සංඛ්‍යාව වෙනස් නොකර වගා කල හැකි අතුරුබෝග -කෝපි, කොකෝවා


එකක බිම් ප්‍රදේශයක ඇති රබර් ගස් සංඛ්‍යාව වෙනස් කර අතුරුබෝග සිටුවිම.තේ,කුරුදු,ගම්මිරිස්.


රබර් වගාවේ පරිනත අවධියෙදී වගා කලහැකි අතුරු බෝග කරදමුංගු,වැනිලා,වේවැල් හා ඇන්තුරියන්.

මීට අමතරව කුකුල් පාලනය මී මැසි පාලනය ආදියද අතුරු ආදායම් මාර්ග ලෙස රබර් ඉඩම් වලම කරගෙන යාහැකි තවත් අතුරු ආදායම් මාර්ග වේ.

අ) ගසක වර්ධන වේගයටත් වැඩි අස්වැන්නක් ලබාගැනිම සදහාත් නිර්දේශිත පො‍ෙහාර නියමිත ප්‍රමාණය නියමිත ආකාරයෙන් නියමිත කාල වකවානු වලදී ගසට ලබාදිය යුතුය.

රබර් පොහොර මිශ්‍රන 2ක් ඇත. යුරියා මත පදනම් වු පොහොර මිශ්‍රන සහ ඇමොනියා සල්පෙට් මත පදනම් වු පොහොරවේ. යුරියාමත පදනම් වු පොහොරවල අඩංගු නයිට්රජන් ප්‍රතිශතය වැඩි නිසා ‍යුරියාමත පදනම් වු පොහොර භාවිතා කිරිම වඩා ලාබදායික වේ.

ආ).පැල සිටුවා පළමු මාසය සිට අපරිනත අවධියේදී මාස 3ට වරක් වසර 2ක් දක්වාත් තෙවන හා සිව්වන වසර වලදීද ඒ ආකරයටම යොදන අතර කිරි කපනතෙක් ද, වසරකට 3ක් වතාවක් පොහොර යෙදිය යුතුය.

කිරි කැපිම කරනු ලබන රබර් ගසකට පොහොර යෙදීම වසරකට 1ක් වතාවක් හො 2 වතාවක් කිරිම ශ්‍රමය ‍පහසුවෙන් ලබාගැනම මත තීරණය කලයුතුය.

ඇ). යොදන කාලය
පොලිතින් මුලුව තුල පැල සිටුවීමෙන් පසුව සිටුවා සති 2 ට පසුව හා බද්ධ කිරිමට සති 2ට පෙර කද කපා ඉවත් කිරිමෙන් පසුව පලමු කොලමාලයෙන් පසුව (සිටුවීමට සති 2ට පෙර)


ඈ).හොහොර යෙදිය යුතු ප්‍රමාණය.
යුරියා පදනම් වු පොහොර පළමු වසරේදී ගසකට ග්‍රෑම් 275ක් වාර 4කින්ද, දෙවන වසරේදී ග්‍රෑම් 550 ක් වාර 4කින්ද, තෙන වර්ශයෙදී සහ සිව්වන වසරේදී ග්‍රෑම් 800 ක් වාර 3කින්ද, 5 වන වසරේ සිට කිරි කපන තෙක් ග්‍රෑම් 1100 ක් වාර 3 කින් යෙදිය යුතුවේ. මීට අමතරව රබර් ගසකට පළමු වසරේදී මැග්නිසියම් ඌනතාවය මගහරවා ලීම සදහා කීසරයිට් ග්‍රෑම් 75 ක්ද දෙවන වසරේ සිට කිරි කපන තෙක් එම උ‍ෘනතාවය මගහරවා ලීම සදහා ඩොලමයිට් ග්‍රෑම් පිලිවෙලින් 150, 200, 200, 250 ක් රබර් පොහොර සමග මිශ්‍ර නොකර මසක පමණ කාල පරාසයකින් යුතුව රබර් ගසට යෙදිය යුතුය. ‍‍ෙඩාලමයිට් කිසිසෙත්ම රබර් පොහොර සමග මිශ්‍රකර යෙදීම නිර්දේශ නොකරේ. කීසරයිට් පෙ‍ාහොර රබර් පො‍හොර සමග මිශ්‍රකර යෙදිය හැකිය. කිරිකපන වගාවන්ට මැග්නිසියම් ඌ‍නතාවය මගහරවාලීම සදහා ඩොලමයිට් භාවිතා නොකරන්න. එ්සදහා කීසරයිට් භාවිතා කිරිම


ඉ). පොහොර යොදන ආකාරය.
පළමු හා දෙවන වසර වලදී රබර් පැල වලට හොහොර යෙදීමේදී රබර් ග‍සේ කොළ මාලය දෙසබලා එම ප්‍රමාණයට රබර් ගස වටේ පොහොර යොදා පස් වලින් වසා දැමිය යුතුය. එනම් රබර් ගසේ මුල සිට අඩියක් පමණ ඇතින් කවාකාර ආකාරයට ගස වැඩිමත් සමග ගසේ මුල සිට අඩි 3 – 4 ඇතින් ස්ථන 3 ක් හෝ 4ක් මුල්ලුකර මුල්ලු කටවල්වලට නියමිත ප්‍රමාණය දමා වසා දැමිය යුතුය. එමෙන්ම පොහොර යෙ‍ා‍දන කලාපය වල් මර්දනය කරතිබිම ‍ඉතාම වැදගත් වේ. වසුන් යොදන්නේනම් පොහොර යෙදීමෙන් පසුව ගසේ මුලට අඩියක් පමණ ඇතින් කවාකාර ආකාරයට යෙදිය යුතුය. මේ සදහා පිදුරු කොල අතු වැනි දෑ යොග්‍ය වේ.


ඊ). පොහොර දැමිය යුතු කාලය.

තද වැසි කාල වලදීද තද නියන් සමයෙදී පොහොර ‍යෙදිම නොකල යුතුය. පරිනත වගාවට පොහොර යෙදීමේදී කොල වැටි දලු ලෑමේන මසකට පසු පොහොර යෙදීය යුතුය. තෙත් කලාපයේදී ජුනි මාසයට පෙර පරිනත වගාවට පොහොර යෙදිය යුතුවේ.

යොදන කාලය-

පොලිතින් මුලුව තුල පැල සිටුවීමෙන් පසුව සිටුවා සති 2 ට පසුව හා බද්ධ කිරිමට සති 2ට පෙර කද කපා ඉවත් කිරිමෙන් පසුව පලමු කොලමාලයෙන් පසුව (සිටුවීමට සති 2ට පෙර)සති 2ට වරක්


ඉ).පරිනත වගාවට හෙවත් කිරි කපන වගාවට පෙ‍ාහොර යෙදිම.

ප්‍රදේශය අලුත් පොත්ත ලියලු පොත්ත වසරකට දැමිය යුතු ප්‍රමාණය
කෑගල්ල, කුරූනැගල, මහනුවර යුරියා ග්‍රෑම් 200 එප්පාවල ‍රොක්පොස්පෙට් ග්‍රෑම් 100 මියුරියෙට් ඔෂ් පොටෑස් ග්‍රෑම් 100 යුරියා ග්‍රෑම් 150 මියුරියෙට් ඔෂ් පොටෑස් ග්‍රෑම් 75 3 වරක්
අනෙකුත් සියලුම ප්‍රදේශ යුරියා ග්‍රෑම් 200 එප්පාවල ‍රොක්පොස්පෙට් ග්‍රෑම් 100 මියුරියෙට් ඔෂ් පොටෑස් ග්‍රෑම් 200 යුරියා ග්‍රෑම් 150 මියුරියෙට් ඔෂ් පොටෑස් ග්‍රෑම් 150 3 වරක්

පොහොර මිශ්‍රනවල සංයුතිය.

මිශ්‍රණය ඇමොනියම් සල්පෙට් ඩයි ඇමොනියම් පොස්පෙට් පොටෑසියම් සල්පෙට් එප්සම් ලුනු මුළු ගණන
R/YB 13:17:6:3 31 38 13 18 100
&R/YB 9:12:11:5 23 25 23 29 100
R/YB 13:16:16 32 35 35 - 100

ඊ).තවාවන් සදහා පොහොර යෙදීම.

ලපටි බද්ධ තාවාන් සදහා පොහොර යෙදිම. මේ සදහා භාවිතා කලයුතුව ඇත්තේ 100%ක් දියර පොහොර වේ. පොහොර මිශ්‍රනය පස් ශ්‍රෙණිය අනුව වෙනස් වේ. පාර‍ෙඹ් ශ්‍රෙණියේ පිහිටි කෑගල්ල, කුරූණැගල දිස්ත්‍රික්ක සදහා R/YB මිශ්‍රණයෙන් 13:17:6:3 මිශ්‍රනයත්, R/YB 9:12:11:5 මාතලේ ප්‍රදේශයටත් R/YB 9:12:11:5 ‍අනෙකුත් රබර් වගාකරන සියළුම දිස්ත්‍රික්ක සදහා යෙදිය යුතුය.

යොදන කාලය-

සෑම තෙමසකට වරක් බද්ධ කිරීමට මාස 2ට කලින්වසර පුරාම

උ). ළපටි බද්ධ පැල සදහා නිර්දේශය.

ප්‍රමාණය
ග්‍රෑම් 50 ක් ආනයනය කරන ලද රොක් පොස්පෙට් එක   පොලිත්න මලුවක් සදහා
පළමු පොහොර මිශ්‍රණයෙන් මිලි ලීටර් 50 ක් එක පොලිත්න මලුවක් සදහා
දෙවන පොහොර ද්‍රවනයෙන් මිලිලීටර් 50 ක් එක පොලිත්න මල්ලකට

ඌ). පොහොර යෙදාන ක්‍රමය

පැල වූ බීජ පොලිත්න මුලුවල සිටුවිමට පෙර ආනයන කරන ලද රොක් පොස්පෙට් ග්‍රෑම් 50 ක් පොලිතින් මල්ලේ පස සමක හොදින් මිශ්‍ර කල යුතුය. අවශ්‍ය පොහොර ප්‍රමාණය ජලය ලීටර් 4.5 ක මිශ්‍රකර එම ද්‍රවණයෙන් මිලිලීටර් 50ක්

එ).ආවරණ වගාවට පොහොර යෙදිම.

පොහොර පැල ස්ථාපන කිරිමේදී වර්ග මීටරයකට ග්‍රෑම් 100 ක් රොක්පොස්පෙට් යෙදිය යුතුය. පොහොර වැල් වැඩුනු පසු පළමු වසරේදී හෙක්ටයාර 1ට කි.ග්‍රෑම්. 100 සිට 200 දක්වා ප්‍රමාමණයක් රොක්පොස්පෙට් වැල් මතට ඉසිම වගාවේ වර්ධනය අනුව සිදුකල යුතුවේ.

ඒ).තවාන්වලට පොහොර යෙදීම.(ග්‍රහක තවාන්)

පාරඹේ ශ්‍රෙණියේ පස් හා ‍හෝමගම ශ්‍රෙණියේ පස් සදහා තවාන් පාත්තියකට පොහොර යෙදිය යුත්තේ රොක් පොස්පෙට් හා ඩොලමයිට් හුණු 3:1 අනුපාතයෙන් මිශ්‍රකිරිමෙනි. අක්කරයකට හොන්ඩාර 4 ක් පමන තවාන් පාත්තියේ සෙන්ටිමීටර 15 – 20 ගැඹුරක් දක්වා මුල්ලු කර යෙදිය යුතුය. දෙවන කාණ්ඩය වන මාතලේ ශ්‍රණිය සදහා මුලික පොහොර යෙදිය යුත්තේ රොක්පොස්පෙට් කි.ග්‍රෑම් 350 ක් පමණි.

බීජ පැල වූ පසුව යුරියා මත පදනම් වූ RU 12:14:17 මිශ්‍රණයෙන් ප්‍රමාණය ග්‍රෑම්. 25 කීසරයිට් ග්‍රෑම් 50 යි
ඇමොනියා මත පදනම් වූ RU 9:12:4:2 හෝ R/SA 8:9:4 මිශ්‍රණයෙන් ග්‍රෑම් 30 යි

අ). පැල සිටුවීම නිරත දිග මොසම් වැසි කාලයෙදී හා ඊසාන දිග මොසම් කාලයෙදී සිදු කරනු ලබයි. දිගින් දිගටම වියලි කාලගුණයක් පවතිනම් පැලවලට ජලය ලබාදිය යුතුය. එමෙන්ම පැලය වටා සුදුසු ද්‍රවයකින් වසුන් යෙදිය යුතුය.මේ සදහා වැට මාර,පිදුරු වැනි දෑ සුදුසු වේ.පැල පිළිබදව නිරතුරුවම සොයා බැලිය යුතු අතර අංකුර බද්ධ පො‍ත්තේන පිට ලියලා තිබේනම් එවා ඉවත් කල යුතුය.බද්ධ අංකුරය අතු බෙදිමකින් තොරව අඩි 8 ක් දක්වා උසට වර්ධනය වීමට ඉඩ හැරිය යුතුය.පොළව මට්ටමේ සිට අඩි 8 ක් දිග පාර්ශ්වීය අතු බෙදි ඇත්නම් එවාද ඉවත් කල යුතුය.එයට හේතුවනම් කිරි කැපීමේදී පිරිසුදු කදක් අවශ්‍ය වන බැවිනි.

යොදන කාලය- පළමු සති 4–6 කාලය

ආ). පැලය යම්කිසි හේතුවක් නිසා වාර වී ඇත්නම් එවාට එහා සමාන සුදුසු පැලයක් සිටුවියයුතුය.

වගාව ආරම්භයෙදී එ සදහා වෙනමම පැල සංඛ්‍යාවක් නඩත්තු කලයුතුව ඇත. එවිට මැරීගිය පැල වෙනුවට එම පැල මැරියාමට හේතුව සබ්බන්ධව විමසා බලා සිටුවිය හැකිය.එවිට පාලුවලින් තොර එකාකාරි වගාවක් පවත්වා ගෙන  යාහැකිය.

යොදන කාලය-පැල වලට වයස අවුරුදු 2 න් පසුව

ඇ).අතුබෙදිම සදහා ගත යුතු ක්‍රියා මාර්ග

බොහො රබර් වර්ග වල අතු බෙදිදම ස්වභාවික සිදුවේ.එහෙත් RRIC 121 වර්ගයේ පැල සමහර අවස්ථාවල අතුබෙදිමකින් තොරව ගස කෙලින් ඉහලට වර්ධනය වේ.එවිට අඩි 8 ට ඉහලින් අතු බෙදිම සිදුකරලීම සදහා ගසේම ‍ෙමාරන ලද ඉහල කොල මාලයෙන් හෝ වෙනස් රබර් ශාකයක මෝරනලද කොල භාවිතා කර අග්‍රස්ථය ආවරණය කිරිමෙන් අතු බෙදිමක් සිදුකල හැකිය.අවශ්‍ය ප්‍රමාණයට අතුබෙදිම සිදුවු පසුව අග්‍රස්ථය විවෘත්ත කරන්න.කිසිවිටකත් කරටි කැපිමෙන් අතු බෙදිමක් සිදුනොකරන්න.

සිදුකල යුතු කාලය-වර්ෂය පුරා

ඈ).රබර් ගස වටා අඩි 3-4 ප්‍රමාණයක් වල් මර්දනය කර පිරිසිදුව තබාගත යුතුය.

සිදුකල යුතු කාලය-වර්ෂය පුරා

ඉ). සිඝ්‍රවර්ධන වේගයක් පෙන්නුම් කරන මුකුනා වැනි ආවරණ වගා පාලනයකින් තොරව පවත්වාගේන යන්නේනම් රබර් ගස් වල එති ඉහලට ගමන් කරයි. එබැවින් එවැනි ආවරණ වගා පාලනයකින් යුතුව පවත්වාගෙන යා යුතුය.

රබර් ගසේ විවිධ ස්ථාන වලට විවිධ අවස්ථාවලදී හානි සිදුවිය හැකිය.ඒ අනුව,
කොලවලට වැලදෙන රොග
කදට වැලදෙන රෝග
මුල් වලට වැලදෙන රෝග යනුවෙන් වර්ග කලහැකිය.

මෙයින් වඩා වැදගත් රෝගයක් වන්නේ මුල්වලට වැලදෙන රෝගවේ. එවයට හෙතුව නම් ගස ආසාදනයට පත් වු පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමයි. එබැවින් මුල් රෝග පිළිබදව වඩා සැලකිලිමත් විය යුතුවේ. පැරණි වගාව ඉවත් කිරිමේදී සම්පුර්ණයෙන් මුල් ඉවත් වන පරිදි ගස්ගැලවීමත් පැල සිටුවීමේදී ගෙන්දම්ගම් ප්‍රතිකාරයත් කිරිමෙන් බොහෝදුරට රබර් පැලය මුල් රෝගවලින් වලකා ගත හැකිවේ.කොල කහපාට වීම,යටි අතට දාර වලින් නැමී තිබිම,අකාලයේ මල් සහ ගෙඩි හටගැනිම රොග ලක්ෂණ වේ. රෝගය වැලදී ඇති ගසට සහ අවට ගස්වලටද ප්‍රතිකාර කල යුතුව ඇත. කලු මුල් රෝගය, පියුසාරියම් පත්‍ර මැලවීම උස්ට ලයිනා මුල් කුණුවිමේ රෝගය තවත් මුල් රෝග කිහිපයකි. ටෙබියුකොනසොල් හෝ හෙක්සකොනසොල් අඩංගු දිලීර නාශක යෙදීමෙන් මෙම රොගය පාලනය කරගත හැකිය. ටෙබියුකොනසොල් අඩංගු දිලිර නාශක නම් පොලිකර්, ‍ඔරියස්, වන අතර හෙක්සරකොනසොල් අඩංගු දිලීර නාශක වන්නේ කන්ටැෂ්, ඉරේෂස්ර් වේ.

අ).අතු හා කදට වැලෙදන රෝග

කද කුනුවිම හා පයි‍‍ෙටාප් ‍ෙතාරා
රොස පැහැ රොගය
උස්ට ලයිනා
කොලියිටොට්‍රිකම්

නිරිතදිග මෝසම් සුලං පවතින ‍කාලයේ රෝගය දක්නට ලැබේ.

ආ).පත්‍රවලට වැලදෙන රෝග

පිටිපුස් රෝගය
පයි‍ටොප්තොරා පත්‍ර පතන රෝගය
කොලිටොට්‍රිකම් පත්‍ර රෝගය
ඇන්ත්‍රස්නොස්
කොරිනොස් පොරා පත්‍ර පතන රෝගය
කුරුලු ඇස් රෝගය

වසර පුරාම රෝගය දක්නට ලැබේ.තවද කදට වැලදෙන රෝග සදහා බෲනෝලියම් වැනි දිලිර නාශකයක් බාවිතා කිරිමේන රෝගය පාලනය කරගත හැකිය.

ඇ).පත්‍ර රෝග සදහා ප්‍රතිකාර විධි

ඩයිතෙම් එම් 45, කැප්ටාන්, ඇන්ත්‍රකොල්, කොපර්සැන්ඩොස්, කොපර්ඔක්සි‍ක්ලෝරයිඩ්, පෙරිනොක්ස් ආදි රසායනික ද්‍රව්‍ය මාරුවෙන් ‍මාරුවට ඉසිමෙන් රෝග පාලනය කරගත හැකිය.

අ) කිරි කැපිම සදහා සුදුසු ගස් තොරාගැනිම.

රබර් වගාවක අලුතින් කිරිකැපිම ආරම්භ කිරිම සදහා ගස් සංඛ්‍යාවෙන් 60% ක් බද්ධ සංධියේ ඉහලම ඉස්තානයේ සිට සෙන්ටිමීටර් 120 ක් ඉහලින් කද වට සෙන්ටිමීටර් 50 ක් තිබිය යුතුවේ. එවැනි වගාවක සෙන්ටිමීටර් 45 ට වඩා වැඩි වට ප්‍රමාණයක් තිබෙන රබර් ගස්ද සලකුනු කලහැකිය.

ආ).රබර් ගසක කිරි කැපිම සදහා ගස් සලකුනු කිරිම.

ගසේ කද කොටස දෙකට බෙදා (කැපුම නැගෙනහිරට හො බස්නාහිරට මුහුනලා පිහිටන සේ) එක් කොටසකට පමණක් කිරි කැපිය යුතුය.කැපුමේ බෑවුම තිරසට අංශක 30 ක් වියයුතුය.කිරි කැපිම සදහා ගස් ලකුනු කිරිමේදි එසදහා සකස් කර තිබෙන තහඩුවක් බාවිතා කිරිම අත්‍යවශ්‍ය වන අතර තහඩුවේ සටහන් කර තිබෙන සියලුම ඉරි ලකුනුකර කැපුම නිවරදිව දිගටම පවත්වාගෙන යා යුතුය.

ඇ).කිරි කැපිමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
එක් වරකට කැපුමේ  ඉවත් කලයුතු පොත්ත ප්‍රමාණය අගලකින් 1/20 ක් (සෙනටිමීටර් 0.125) කිරි කැපිමේදි කැපුම දිය පට්ටයට ආසන්නව කැපිය යුතු අතර දිය පට්ටය තුවාල වීම කිසිසෙත්ම සිදුවිය යුතුනොව්. එලෙස කිරි කැපිමේදී වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ.
අලුත් වගාවක කිරිකැපිමේදී වියලි කාලගුනයක් පවතින අවස්ථාවකදී ආර්ම්භ කිරිම සුදුසු වන අතර මුල් අවුරුදු 3 දි හානිපුර්න කිරිකැපිම කැපිම ආරම්භ කලයුතු නොවේ. සෑම හානිපුර්න කිරිකැපිම කැපිම් 2ක් අතරට සාමාන්‍ය කිරිකැපුම් දින 2ක් තිබිය යුතුය. සතියකට දෙවරු කැපිම් දින ගනණ 2 කට සිමා විය යුතුය. එමෙන්ම මසකට එය දින 6 නොයික්මිය යුතුය. රබර් ගසට එක් පැත්තට අවම වශයෙන් වසර 6 ක්වත් කිරිකැපිය යුතු‍ෙව්.
කිරි කැපුම් කරුවන්ගේ හිගයට හා කිරිකැපිමේ වියදම අවම කරගැනිම සදහා සුදුසු ක්‍රම. අඩු තීවුර තාවයකින් කිරි කැපිම (දින 2 ට වරක් කිරිකපන වගාවක් නම් උත්තෙජක යොදා දින 3 ට හො 4 ට වරක් කිරි කපන වගාවක් බවට පත් කිරිම)

ඇ).උත්තෙජක භාවිතා කල යුතු ආකාරය
වගාවේ කොල නොමැති කාලය හැර වසරේ අනෙකුත් කාල වලදී එත්ත්‍රල් 2.5% සාන්ද්‍ර පලදා උත්තෙජකයක් අගලක පටියක් කැපුමේ මුළු දිගට ආලෙප වන ආකාරයට කැපුමත් සමග ඉහලින් තිබෙන පොත්තේ ආලේප කරන්න.
දින 3 ට වරක් කිරිකපන්නේ නම් වසරකට 4-5 වතාවක්ද දින 4 ට වරක් කිරි කපන්නේ නම් වසරකට 9 වතාවක්ද,වැඩි සාන්ද්‍රණයකින් යුත් එතකොන් භාවිතා කරන්නේනම් මද රස්නය ඇති උනු වතුර සමග මිශ්‍ර කර නියමිත සාන්ද්‍රනය සාදාගන්න. කැපුමට ඉහලින් ආලේප කරන්නේ නම් කැපුමට සෙන්ටිමීටර් 0.5 ක් ඉහලින් ඔට්ටපාලේව් නොගැවෙනසේ ආලේප කරන්න.
කැපුමට පහලින් ආලේප කරන්නේනම් (පැනලය තුවාල වී ඇති අවස්ථාවක) පොත්ත තරමක් සිරිය යුතුය. උත්තෙජක වලින් උපරිම ප්‍රතිපල ලබාගැනිම සදහා උත්තෙජක ආලෙපයෙන් පැය 48 ට පසුව කිරි කැපිම කරන්න.

භාවිතා කලයුතු කාලය- වසරේ පෙබරවාරි මාසය හැර අනෙකුත් මාස වලදී
උ).කැපුම් කට්ට්ය නිවරදි කිරිම
කිරි කැපිමේදී කිරි කැපුම් කරුවා නිවැරදිව කිරි කැපිම පවත්වාගෙන යා යුතුව ඇත. එහෙත් සමහනර අවස්ථා වලදී නිර්දේශිත පිලිවෙත් අනුගමනය නොකිරිම නිසා කැන්බියම තුවාල විය හැකිය. එවිට ලියලන පොත්තේ කිරි කැපිම අසිරු වන අතර පොත්තේ ගනකමද, අඩු විය හැකිය. එබැවින් නිවරදි ක්‍රම අනුගමනය කර දිර්ග කාලයක් කිරි කැපිම සිදුකල යුතුය. මෙලෙස කිරිමෙන් කිරි නාල වැඩි ප්‍රමාණයක් කැපි යන අතර ලබාගත හැකි අස්වනු ප්‍රමාණයක් වැඩි විය හැකිය. කැපුම් කට්ටය නිවරදිව පාලනය කිරිමෙන් දිගු කලක් වැඩි අස්වැන්නක් රබර් ගසට හානිනොවන අකාරයෙන් ලබාගත හැකිය.

භාවිතා කලයුතු කාලය- පෙබරවාරි -මාර්තු

අ). වැසි අවරණ භාවිතා කිරිමෙන්  ඇතිවන වාසි

කිරි කැපුම් කරුවාගේ වාර්ෂික ආදායම 40% කින් පමන වැඩිකරගත හැකි වීම.
නිර්දේශිත කිරි කැපුම් ක්‍රමය ආරක්ෂා කරගත හැකිවිම.
කිරිකැපුම් කරුවන්ගේ පිලියමක් වීම
තිරසාර ආදායමක් ලබාගැනිමට හැකි විම
කදට වැලදෙන රෝග වලින් රබර් ගස ආරක්ෂා කරගත හැකි විම.
මේ නිසා වැසි ආවරණ යෙදිමෙන් රෝග මර්දනය කිරිමට වැය කරන මුදල ඉතිරි කරගත හැකි වීම.

ආ). වැසි ආවරන වර්ග

සාය ආකාර වැසි ආවරණ (එප්‍රන් ආකාර)
කිසාන් ආකාර වැසි ආවරණ

වෑසි ආවරණ භාවිතා කලයුතු කාලය-මාර්තු

ඇ). වැසි ආවරණ නඩත්තු කිරිම
ඉහත සදහන් වැසි ආවරණ භාවිතා කලහැකි කාලය සාමාන්‍යයෙන් වසරකි. පසු කාලිනව සිදුවන වතුර කාන්දු විම වලක්වා ගැනිම සදහා වැසි ආවරණ නඩත්තු කිරිම අත්‍යවශ්‍ය කරුනකි.වැස්සකින් පසුව වතුර කාන්දුවන ස්ථාන සොයා බලා ගම ස්වල්පයක් නැවත යෙදිම. වැහි ආවරණ ගැලවී‍ නොමැතිව වතුර කාන්දු වීම පමණක් සි‍දුවේනම් ද්‍රව ගම් මිශ්‍රනය භාවිතකාර සීල් කිරිම සැහේ.

වෑසි ආවරණ නඩත්තු කලයුතු කාලය- මැයි -සැප්තැම්බර්

ඇ). වැසි ආවරණ සකස්ක කිරිම සදහා අවශ්‍ය ද්‍රව්‍ය

ගම් මිශ්‍රණය  -මිශ්‍රන වර්ග 2කි. අර්ධ ඝන මිශ්‍රනය, ද්‍රව ගම් මිශ්‍රනය
පොලිතින්

මුලු දළ රබර් නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ ෂීට් රබර් වේ.උසස් ප්‍රමිතියකින් යුතුව උසස් වර්ගයේ ෂීට් රබර් නිෂ්පාදනය කිරිම තුලින් වැඩි ආදයමක් ලබනවා පමණක් නොව නිපදවනු ලබන නිමි භාන්ඩයේද,ප්‍රමිතිය උසස් කිරිමට එය එක් හේතුවක් වේ.

සිදු කලයුතු කාලය- වසර පුරාම

අ).කිරි එකතු කිරිම.
කිරි එකතු කරගැනිමේදී විශේෂයෙන්ම භාවිතා කරනු ලබන සියලුම උපකරනු ඉතාමත්ම පිරිසිදුව තිබිය යුතුය. අපිරිසිදු භාජනවලට කිරි එකතු කිරිමේදී රබර් කිරි පුර්ව කැටි ගැසිමට ලක්වන එක් හේතුවත් වන බැවින් පිරිසිදු උපකරන භාවිතා කිරිම රබර් කිරි පුර්ව කැටි ගැස‍ිමෙන් වලක්වා ගැනිමට එක් හේතුවක් වේ.කිරි පුර්ව කැටි ගැසිමකට භාජනය වේනම් සෝඩියම් සල්පයිට් කිලෝග්‍රෑම් 1 ක් පිරිසිදු ජලය ලීටර් 30 ක දිය කිරිමේන් සාදාගන්නා අලුත් සොඩියම් සල්පයිට් ද්‍රවනයේ මිලි ලීටර් 15 සිට 50 අතර ප්‍රමාණයක් කේෂ්ත්‍ර කිරි එකක් සදහා සැහේ.

ආ).කිරි පෙරිම.
මාන 40 හා 50 මොනල් දැලකින් සකස් කරගන්නා ලද සල් අඩවලින් කිරි වලට අවශ්‍ය වතුර ප්‍රමාණය මිශ්‍ර කර පෙරිම සිදු කලයුතුය.පිත්තල ලෝහය මිශ්‍ර දැල් භාවිතා කිරිම කිසිසෙත් සුදුසු නොවේ.

ඇ).රබර් කිරි මිදවිම.
පෙරාගනු ලැබු රබර් කිරි ඇසිඩ් මිශ්‍රකර මුදවා ගැනිම මීලගට කලයුතු කාර්යයි. වෙලද සැලකින් ගනු ලබන පොමික් ඇසිඩ් 1% කේ මිශ්‍රනයක් ලෙස සකස් කරගත යුතුය. ඇසිඩ් 1 කොටසකට ජලය කොටස් 84ක් එකතු කිරිමේන් 1% කේ ඇසිඩ් ද්‍රවණය සකසා ගත හැකිය. කිරි තැටි හොදින් පිරිසිදු කර පෙරා සකස්කරගන්නා ලද කිරි වලින් ලීටර් 4 ක තරම ප්‍රමාණයක් එක තැටියකට එක් කර සාදාගත් ඇසිඩ් මිශ්‍රණයෙන් මිලි ලීටර් 382.5 සිට 425 දක්වා ප්‍රමාණයක් එක තටියකට මිශ්‍රකර පෙන පතුරක් ගෙන ඇසිඩ් සහ කිරි හොදින් මිශ්‍රවන සේ කටයුතු කරන්න. එහිදි ඇතිවන පෙන ඇලුමිනියම් හෝ වීදුරු පිටියකින් ඉවත් කරන්න. රොඩු කුනු වලින් මිදවීම සදහා තබන ලද තැටි ආරක්ෂා කිරිම සදහා තැටි වසා තබන්න.

ඈ).කිරි කැටිය ඇඹරිම සදහා සකස් කිරිම.
කිරි හොදින් මිදුනු පසු ඇලුමිනියම් තහඩුවක් ගසන ලද මේසයක් මත කිරි කැටිය තබා එකාකාරි ඝනකමට සිටින සේ අතින් තලා ගත යුතුය. ඉන් පසුව එම කිරි කැටිය පිරිසිදු ජලයෙන් සොදන්නග

ඉ).ෂිට් ඇඹරීම.
පළමුව රෝල් වල තිබෙන මලකඩ ඉවත් කිරිම සදහා පිරිසිදු ජලයෙන් රොල් සොදන්න. ඉන් පසුව වරින් වර බර වෙනස් කරමින් කිරි කැටිය 3 වරක් දිය රොලෙන් අබරාගන්න. මෙහිදි ෂිට් වල ගනකම මිලි මීටර් 3.2 ක් පමන විය යුතුය. ඉන් පසුව එක් වරක් පමණක් ඩයමන් රෝලේ අඹරන්න.

ඊ).ෂිට් නැවත සේදීම.
රොල් වලින් අඹරාගත් ෂිට් නැවත වතාවක් පිරිසිදු ජලයෙන් සොදාගත යුතුය. ගලාබසින් ජලයෙන් මෙම ෂීට් සොදාගැනිමට හැකියාවක් තිබෙන්නම් එය වඩාත් සුදුසුය.

උ).පවනේ වෙලිම.

සොදාගත් රබර් ෂීට් පැය 4ක 6ක පමණක කාලයක් දිය බෙරිම සදහා දුවිලි වලින් තොර ස්ථානයක එල්ලා තබන්න. මෑතක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව ෂීට් රබර් හිරු එලියෙන් වෙලිම නිර්දේශ කර ඇතත ඒ අනුව දින 2ක 3ක පමණ කාලයක් ෂීට් රබර් හිරු එළියෙන් වෙලාගන්න.

පවනේ වෙලිම සිදු කලයුතු කාලය- පැය 4ක 6ක පමණක කාලයක්

හිරි එළියෙන් වෙලිම සිදු කලයුතු කාලය-  දින 2-3

ඌ).ෂීට් දුම් ගැස්සීම.
උසස් ප්‍රමිතියකින් යුක්තව තනා ගන්නා ලද දුම් ගෙයක ෂීට් වෙලිම කල යුතුව ඇත. දුම්ගෙයි උෂ්ණත්වය සෙන්ටිග්‍රෙට් අංශක 48 සිට 54 දක්වා ප්‍රමාණයේ තිබීම වැදගත්වේ. ෂීට් එල්ලා තබන රාක්ක, රිප්ප පිරිසිදුවෙන් තිබිය යුතුය. මද දුමක් සමග මද ගින්නක් තුලින් ෂීට් වියලා ගැනිමට කටයුතු ‍කෙරේනම් ලස්සන මී පැනි පාටකින් යුත් ෂීට් නිපදවිය හැකිය. එමෙන්ම දවස එක් වරක් ෂීට් පෙරලා එල්ලා තබන ස්ථානය වෙනස් කල යුතුය. මැලියන් රහිත දැව ෂීට් වෙලිම සදහා භාවිතා කරන්න. පොල් ලෙලි භාවිතා කිරීමෙන් වලකින්න. පොල් ලෙලි භාවිතා කලේ නම් එය අනෙකුත් දැව සමග ප්‍රමාණය 10% ක් පමණ විය යුතුය. හොදින් ෂීට් වෙලුනු පසු දුම් ගෙයින් ඉවත් කරන්න.

එ).ෂීට් වර්ග කිරිම හා ගබඩා කිරිම.
තවමත් ෂීට් වර්ග කරනු ලබන්නේ පියවි ඇසින්ය. කුනු හා නොවියලිනු කොටස් ඇත්නම් එවා කපා ඉවත් කරන්න. ඉන් පසුව වර්ණය, කුනු ඇති ප්‍රමාණය, වියලිමේ තත්වය සහ වෙනත් තිබිය යුතු ‍ගුණාංග පිළිබද සලකා බලා ෂීට් රබර් ‍නොම්මර 1සිට  5 දක්වා වර්ග කරනු ලැබේ. ෂීට් ගබඩා කිරිමෙදී වියලි වාතාශ්‍රයක් ඇති තැනක පොළවේ සිට අගල් 6 ක් පමණ උසින් සිටින සේ වෙදිකාවක් සකස් කර එ මත‍ පොලිතින් එලා ගබඩා කල යුතුය. ඉන් පසුව වෙලදපොල වෙත යවන්න.

 

රබර් වෙන්දේසි මිල

2017 පෙබරවාරි 16
වර්ගය මිල පරාසය
ලේ.ක්‍රේ. නො.1XUnq - Unq
ලේ.ක්‍රේ. නො.1Unq - Unq
ලේ.ක්‍රේ. නො.2Unq - Unq
ලේ.ක්‍රේ. නො.3Unq - Unq
ලේ.ක්‍රේ. නො.4310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.1305.00 - Nom
ස්. ක්‍රේ. (දු) නො.2Unq - Unq
ස්. ක්‍රේ. (දු) නො.3310.00 - Flat
ස්. ක්‍රේ. (දු) නො.4302.00 - 307.00
ෆ්ලැට් බාර්ක්Unq - Unq
ස්කිම් ක්‍රේප්Unq - Unq
රි. ස්. ෂීට් නො.1355.00 - Flat
රි. ස්. ෂීට් නො.2345.00 - 350.00
රි. ස්. ෂීට් නො.3340.00 - 342.00
රි. ස්. ෂීට් නො.4338.00 - Nom
රි. ස්. ෂීට් නො.5Unq - Unq

සටහන: රබර් මිල සති දෙකකට වරක් වෙනස් වේ (අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා)

රබර් මිල ගණන් තව දුරටත්

Subsidy Information